මාස 04 තුළ ලාංකිකයින් 2,000කට වැඩි පිරිසක් කොරියාවට

 මේ වසරේ පළමු මාස 04 තුළ පමණක් ශ්‍රී ලාංකිකයින් 2,000කට වැඩි පිරිසක් කොරියානු රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

එම කාර්යංශය පෙන්වා දෙන්නේ, පුද්ගලයින් 2,064 දෙනෙකු ගත වූ මාස 04 තුළ දකුණු කොරියානු රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බවය.

ඒ අනුව නිෂ්පාදන ක්ෂේත්‍රයට අදාළ රැකියා සඳහා 1708 දෙනෙකු, ධීවර ක්ෂේත්‍රය සඳහා 351 දෙනෙකු, ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා 5 දෙනෙකු ද දකුණු කොරියාව වෙත ගොස් තිබේ.
 
ඔවුන්ගෙන් 1,892 දෙනෙකු පළමු වරට දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.

මෙම කාල සීමාව තරුණියන් 41 දෙනෙකු ද දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේය

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *