මාෆියාව කියමින් මුදලාලිලාට වගකීම පවරන්නේ නැතුව, මිනිස්සුන්ගේ ආහාර සුරක්ෂිත බව හදන එක ආණ්ඩුවේ වගකීමක්

වවන්නේ කොච්චරද කියලා දන්නේ නැතුව, කන්නේ කොච්චර කියලා දන්නේ නැතුව, අපි කන්නේ අපි වවලා කියන ජනාධිපතිවරයාගේ අභීත ප්‍රකාශය හරයක් නැති දේශපාළණ සටන්පාටයක් විතරයි. වර්ග කිලෝමීටර 5කට, බිම් මට්ටමේ රාජ්‍ය නිලධාරීන් දුසිමක් විතර රජය නඩත්තු කරනවා. ප්‍රාදේශීය ලේකම් එක්ක තව පන්සීයක් විතර ඉන්නවා. දිස්ත්‍රික් ලේකම් සමග තවත් දාහක විතර කණ්ඩායමක් ඉන්නවා. ඒත් අපි රටක් ඇතුලේ කොච්චර සහල් වවනවද කියලා දන්නේ නෑ. ඒක දන්නේ නැතුව වවලා තමයි කන්නේ කියලා කියන්න කාටවත් බෑ. හාල් හංගලා කියලා කියන්නත් කාටවත් බෑ. හාල් මාෆියාවක් තියනවා කියන එකත් තවදුරටටත් වලංගු නැති පුස් සටන්පාටයක් වෙනවා.

එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ විදිහට අපි දැනටම ඒ තොරතුරු එකතු කිරීමේ වගකීම අපේ ප්‍රාදේශීය නියෝජිතයින්ට පවරලා තියනවා. අපි බලා පොරොත්තු වෙනවා පක්ෂයක් විදිහට ආහාර නිෂ්පාදනය පිළිබඳව ඩිජිටල් පද්ධතියක් හදන්න.

රවී කුමුදේශ්
මාධ්‍ය ප්‍රකාශක
එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *