මැගසින් බන්ධනාගාරයේ රාජකාරීයේ යෙදිසිටි නියාමක නිලධාරියෙකු සන්තකයේ දුම්කොල තිබී අත්අඩංගුවට…

2024.07.30 වන දින නව මැගසින් බන්ධනාගාරයේ රාජකාරී නියුතු නියාමක නිලධාරීයෙකු ප.ව.02.15 පමණ මැගසින් බන්ධනාගාර ප්‍රධාන දොරටුවෙන් ඇතුලුවීමට ප්‍රථම බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකා නිලධාරීන් විසින් සෝදිසියකට ලක් කර ඇත.

අදාළ සෝදිසි කිරිමේදි නිලධරියා පැලද සිටි රාජකාරී පාවහන් තුල සූක්ෂම ලෙස සඟවා තිබී දුම්කොල අත්අඩංගුවට ගෙන ඇත.

මෙම නිලධාරියා වසර 30ක පමණ සේවා කාලයක් ඇති නිලධාරියෙකු වන අතර, මූලික විමර්ශණයකට යටත්ව නිලධාරියාගේ වැඩ තහනම් කර ඇත.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *