මැච් පැරදුණු ලංකා කණ්ඩායම ගංවතුරට කොටුවෙයි

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රදේශයට බලපා ඇති ජලගැලීම් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත්ව යාමට නොහැකි වී තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම අද(13) බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත්ව යාමට නියමිතව සිටි අතර පවතින අයහපත් කාලගුණය හමුවේ ෆ්ලෝරිඩා නුවරින් පිටත්ව යාමට හැකිවී ඇති බවයි වාර්තා වන්නේ.

ජලගැලීම් හා දැඩි වර්ෂාපනය හමුවේ ගුවන් ගමන් වාර රැසක් අවලංගු වී තිබෙනවා.

ඒ හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත්ව යාමට සිදුවී ඇත්තේ හෙට (14) දිනයේ දී බවයි සඳහන් වන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *