“මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයක් උදෙසා නව ප්‍රතිපත්තියක්”

රටට ඩොලර් ගෙන එන තිරසර මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයක් උදෙසා නව ප්‍රතිපත්ති සම්පාදනය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ ඊයේ (29) කොළඹ දී මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් සමග පැවැති හමුවකදීය.

එහිදී විපක්ෂනායකවරයාකියා සිටියේ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ සියලු පාර්ශ්වකරුවන් සමග සාකච්ඡා කිරීමට හැකිවීම ගැන සතුටු වන බවය.

අප රටේ අපනයන ක්ෂේත්‍රයේ එහි පංගුව දශම 1ක් බවත් මේ නිසා විශාල අවස්ථා අහිමි කර ඇති බවත් ඒ අවස්ථා අප රටට දියුණු වීමට කදිම අවස්ථා බවත් 2020 තායිලන්තයේ අපනයන ඇ. ඩොලර් බිලියන 18.19ක්, හොංකොං ඇ. ඩොලර් බිලියන 30.2, ඉන්දියාව ඇ. ඩො.බි 39.1, සිංගප්පූරුව ඇ. ඩො.බි.2.4 වුවත් අපරට ඇ. ඩො. මි. 435ක් මැණික් හා ස්වර්ණාභරණ අපනයන දත්ත බවත් විපක්ෂ නායකවරයා කියා සිටියා.

මේ දත්ත හා තොරතුරු ගැන තමා අධ්‍යනය කළ බවත් මැණික් හා ස්වර්ණාභරණ ප්‍රතිපත්තිය ගැන කාලයක් පුරා සාකච්ඡා කළ බව ඔහු කියා සිටියා.

එමෙන්ම මේ කර්මාන්තය තුළ තිරසර හා බොහෝ අවස්ථාවල පරිසර හිතකරව ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන බවත් පසුගිය කාලයේ ගජමිතුරු සම්බන්ධතා මත බහු ජාතික සමාගම් මෙයට ඇතුළත් වී ක්ෂණික ලාභ උපයන්න හැදු බවත් එම නිසා නවීන ක්‍රමවේද සොයා යා යුතු බැවින් මේ නව තාක්ෂණය තුළ ඉදිිරියට යන ආකාරය ගැන උනනදු කරවන්න රජයක් ලෙස අපේක්ෂා කරන බව ඔහු අවධාරණය කර සිටියා.

එහි දි දේශීයවත්වයට මුල් තැන ලබා දී එය ශ්‍රී ලාංකිකත්වයට මුල් තැන ලබා දෙන බවත් තමා මුදලට වරදාන වරප්‍රසාදවලට කිසිම ආයතනයකට අලෙවි නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසා සිටියා.

දේශීය පතල්කරුවන් ආරක්ෂා කර බහුජාතික සමාගම් මෙයට ඇතුළත් වීම වළක්වන බවත් පතල් බලපත්‍ර ලබා දීම වේගවත් කරන බවත් විනිවිදභාවයෙන් කරන බවත් පතල් කර්මාන්තය ට නව තාක්ෂණය යොදා ගන්නා බවත් සර්වසාධාරණ ක්‍රමයක් තුළ සමානාත්මතාව විනිවිදභාවය සුරක්ෂිත කර වැඩි ඉඩම් ප්‍රමාණයක් ලබා දෙනවා සේම පාරිසරික කරුණු ගැනත් සලකා බලන බව ඔහු අනාවරණ කර සිටියා.

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙනස් කළ යුතු බවත් ක්‍රමවේද වෙනස් කළ යුතු බවත් අසාර්ථක ලෙස මේ වන විට එය ක්‍රියාත්මක වීම නිලධාරින්ගේ ගැටලු ඇති බවත් මේ කර්මාන්තයට හිතෛෂී ආයතනයක් බවට පත් කළ යුතු බවත් ඒ සදහා ප්‍රතිව්‍යුහගතකරනය කරන බවත් අනවශ්‍ය බලපෑම් නැති කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පවසා සිටියා.

විපක්ෂනායකවරයා කියා සිටියේ වටිනාකමක් තක්සේරුවට ලක් වූ අපනයන ව්‍යූහයකින් බැහැරව හෙංකොං මේ ක්ෂේත්‍රයේ ඉහලටම ගොස් ඇති බවත් අපනයනට ඇති බාධා ඉවත් කරන බවත් ලාභය මත.පදනම් වූ 30% බද්ද වෙනුවට වෙනත් පහසු ක්‍රමවේද හදුන්වා දෙන බවත් සහන දෙනවා මෙන්ම මේ උත්තේජනය ගෙන ටාගට් සම්පූර්ණ කළ යුතු බවත් ප්‍රතිඵල පෙන්විය යුතු බවය.

උපකරණ සහ මේ ක්ෂේත්‍රයට අදාල උපකරණ සදහා ඇති බදු ඉවත් කරන බවත් මේ ක්ෂේත්‍රයේ නිපුණතා වර්ධනය කරන බවත් මේ සියලු යෝජනා මැණික් හා ස්වර්ණාභරණ රාජ්‍ය ප්‍රතිපත්තියක් කරා යන බවත් තමා කියන දේ කරන කරන දේ කියන කෙනෙක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් කියා සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *