මැතිවරණය වෙනුවෙන් දෙන මත්පැන් බලපත්‍රවලට විපක්ෂ නායකගෙන් නීතිමය පියවර

මැතිවරණ වාසි ලබාගැනීමේ අරමුණින් මත්පැන් බලපත්‍ර ලබාදෙන පිරිස්වලට එරෙහිව මේ වසර අවසන් වීමට පෙර නීතිමය පියවර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ නාරාහේන්පිට අභයාරාමයේ අද (17) පැවැති උත්සවයකදීයී.

නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ පැවැති කොළඹ දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩල ත්‍යාග ප්‍රදානෝත්සවයට විපක්ෂ නායක සජිත් ප්‍රෙමදාස මහතා සහභාගි වූ අතර මෙහි ත්‍යාග සඳහා සසුනට අරුණ වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 12ක මුදලක් ද විපක්ෂ නායකවරයා පරිත්‍යාග කර තිබුණා.

කොළඹ දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩල ත්‍යාග ප්‍රදානෝත්සවය ත්‍යාග සඳහා සසුනට අරුණ වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 12ක මුදලක් පරිත්‍යාග කර තිබුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *