මැතිවරණ පැමිණිලි ඉහළට

ජනාධිපතිවරණයට අදාළව අලුතින් පැමිණිලි 184ක් ලැබී තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ගතවූ පැය 24 තුළ පැමිණිලි 184ක් වාර්තා වූ බවයි නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව සඳහන් කරන්නේ.

මේ ආකාරයට ජූලි 31 වැනිදා සිට අද (15) දක්වා වාර්තා වී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 4215ක්.

අලුතින් ලද පැමිණිලි අතර ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි 01ක්, නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධව පැමිණිලි 181ක් සහ වෙනත් පැමිණිලි 02ක් ලෙස එම පැමිණිලි ලැබී තිබෙන බව සඳහන්.

මෙකී සමස්ත පැමිණිලි අතරින් 3641ක් විසඳා අවසන් අතර, තවත් පැමිණිලි 574ක් විසදීමට ඇති බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *