මැයි රැලි

පාර්ලිමේන්තු මන්ත්‍රී පළහී දිගම්බරම්ගේ නායකත්වයෙන් යුත් කම්කරු ජාතික පෙරමුණ තලවකාලේ මහජන ක්‍රීඩාංගනයේදී පෙරවරුවේදී පවත්වන මැයි රැළියට ද විපක්ෂ නායක සරිත් ලේ දාස එක් වීමට නියමිතයි. දිනන රටක් – එක ගනක් යන තේමාවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි දින රැළිය පැවැත්වෙන්නේ බොරැල්ල කැම්බල් පිටියේදීයි.

රට හදන විසඳුමට – ජන බලය එක පෙළට යන තේමාවෙන් ජාතික ජන බලවේගයේ කොළඹ

රැළිය විහාර මහා දේවි උද්‍යානය අසළ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මාවතේ දී පැවැත් වෙනවා. යාපනය, මාතර සහ අනුරාධපුර නගර වලදී ද මැයි රැළි පැවැත්වෙන අතර ටම නගරවල පෙළපාලි ද පැවැත්වීමටයි ජාතික ජන බලවේගය කටයුතු යොදා ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල පාර්ශ්වය විසින් සංවිධාන කරන මැයි රැළිය ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්. වී. රථ රකින ජන පවුර යන තේමාව යටතේයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය මෙවර මැයි දින රැළිය කොළඹ හයිඩ් පිටියේදී පැවත්වෙනවා. වී. වැඩ කරන ජනතාවනි, අයි. එම්.එෆ්. මර උගුල හා ඉන්දියානු විජිත කරණය පරදමු යන තේමාව යටතේයි. උත්තර ලංකා සභාගය සංවිධාන කරන මැයි රැළිය පස්වරු 02 0 පැවැත්වෙන්නේ කිරුළපන ලලිත් ඇතුළත් මුදැමි ක්‍රීඩා පිටියේදීයි. ඉලංගෙයි තමිල් අරසු පක්ෂය ද මඩකළපුට සහ කිළිනොච්චිය යන ප්‍රදේශ වලදී මැයි රැළි පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.මීට අමතරව දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේදාස ගුණ සමරු උත්සවයක් ද කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට පිහිටි රණසිංහ ප්‍රේදාස පිළිරුව අභියස සිදු කෙරෙනවා.

වසේම මැයි රැළි සඳහා රාජකාරියේ යොදවන පොළිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. මැයි රැළි සහ පෙළපාළි හේතුවෙන් කොළඹ ආශ්‍රිතව ක්‍රියාත්මක කෙරෙන රථවාහන සැලසුම් පිළිබඳව හිරු නිව්ස් යු ටියුබ් චැනලය ඔස්සේ ඔබට දැනුවත් විය හැකියි. කෙසේ වෙතත් පොළිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොළිස්පති නිහාල් කන්දුව, ජනතාවගෙන් ඉල්ලා සිටියේ අත්‍යාවශ්‍ය කටයුත්තකට හැර අද කොළඹ නගරයට පදමිණීමෙන් වැලකී සිටින ලෙසයි. මේ අතර නිසි අවසරයකින් තොරව මැයි දින පෙළපාළි සහ රැළි සඳහා ඩ්‍රෝන යානා භාවිතා කිරීමට අවසර ලබා නොදෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ විසේෂ මැයි රැලි පැවැත්වෙන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ සියලුම් මත්පැන් අලෙවි අද වසා පාන බව සුරාබදු දෙපාර්තමෙන්තු ප්‍රකාශ කළා

What's your reaction?

Related Posts

1 of 287

Leave A Reply

Your email address will not be published. Required fields are marked *