මැයි 9 වෙනිදා සිට සෞඛ්‍ය සේවාවේ නැවතත් වර්ජන

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අදාලව ආර්ථික යුක්තිය ඉටු කිරීම සඳහා සකස්කරන ලද තාක්ෂණික වාර්තාව රජය ප්‍රතිපත්තිමය වශයෙන් පිළිගන්නා ලද නමුත්, එකඟ වූ පරිදි මෙතෙක් පොරොන්දු ඉටුවී නොමැති බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් පවසනවා.

අදාළ තාක්ෂණික වාර්තාවේ කොටසක් මැයි මාසයේ වැටුපට එක් කරන බවත්, ඉතිරි කොටස ලබාදීම පිළිබඳව සති හතරක් ඇතුළත නිල දැණුම් දීමක් සිදු කරන බවත්, රජයේ එකඟතාවය වූ බවත්, ඉතිරි කොටස පිළිබඳව මෙතෙක් කිසිදු දැනුම් දීමක් සිදුකර නොමැති බවයි ඔහු පවසන්නේ.

එසේම මැයි මාසයේ වැටුපට එකතු කරන දීමනාව පිළිබඳව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවේ ද ඇතැම් සෞඛ්‍ය සේවාවන් නොසලකා හැර තිබීම ඉතාම බරපතල බවත්, නිල ඇඳුම් දීමනාවට සාපේක්ෂව, නිල ඇඳුම් නොලබන කාර්ය මණ්ඩලය සඳහා ලබාදීමට නියමිත දීමනා පිළිබඳවද මෙතෙක් කිසිවක් සිදු කර නොමැති බවයි ඔහු පවසනවා.

ඒ හේතුවෙන්, මැයි 09 වෙනිදා සිට නැවත වතාවක් සෞඛ්‍ය සේවාව තුළ වර්ජනයක් කැඳවීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය තීරණය කළ බවයි ඵු සඳහන් කරන්නේ.

එහිදී රෝගීන්ට ඇතිවන පීඩාවන් සැලකිල්ලට ගෙන එම වර්ධනය අඛණ්ඩව දීප ව්‍යාප්ත ලෙස ක්‍රියාත්මක නොකොට, පළාත් වශයෙන් ක්‍රියාත්මක කිරීමට මේ වනවිට සැලසුම් කොට ඇති බවත්, කැඳවුම්කරු රවී කුමුදේශ් පවසනවා.

ඒ අනුව, මැයි 09 වෙනිදා උතුරු මැද පළාත තුළ සියලුම රෝහල් සහ සෞඛ්‍ය ආයතන තුළ මෙම වර්ධනය ක්‍රියාත්මක වන අතර, මැයි මස 13 වෙනිදා මධ්‍යම පළාත, මැයි 14 වෙනිදා සබරගමුව පළාත, මැයි 15 වෙනිදා වයඹ පළාත, මැයි 16 වෙනිදා දකුණු පළාත, මැයි 20 වෙනිදා ඌව පළාත සහ මැයි 21 වැනිදා බස්නාහිර පළාත වශයෙන් ඒ ඒ පළාත්වල තිබෙන සියලුම රෝහල් හා සෞඛ්‍ය ආයතන තුළ මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි ඔහු සඳහන් කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *