මිනිසුන්ගේ ආදරය මැද පාලිත තෙවරපෙරුම අවසන් ගමනේ

අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කිරීමට නියමිතයි.

ඒ ඔහු විසින්ම සකසා ගත් සොහොන් භූමියේදීයි.

විදුලි සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්වූ ඔහුගේ දේහය මතුගම – යටදොළවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසේ තැන්පත් කර තිබෙන අතර දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල පිරිසක් ඔහුගේ නිවසට පැමිණෙමින් සිටිනවා.

දේශපාලන නියෝජිතයන් රැසක් ද ඊයේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග, රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, සරත් ෆොන්සේකා, අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ සහ රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ ඇතුලු පිරිසක් පැමිණ සිටියා.

මේ අතර සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ අභාවප්‍රාප්ත ආචාර්ය ඒ.ටී ආරියරත්නගේ අවසන් කටයුතු හෙට නිදහස් චතුරස්‍රයේදී රාජ්‍ය ගෞරවය සහිතව පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *