මියන්මාරයේ බරපතල වැඩ සහිතව සිර දඬුවම් විඳිමින් සිටි මෙරට ධීවරයන්ට නිදහස

මියන්මාර මුහුදු සීමාවේ අනවසර මසුන් මැරීම සහ මියන්මාර ආගමන විගමන නීති උල්ලංගණය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වී වසර හතක බරපතල සිරදඬුවම් ලබමින් සිටි ශ්‍රී ලාංකිකයන් ධීවරයන් පහළොස් දෙනාට සමාව හිමි වී තිබෙනවා.

මියන්මාර නව අවුරුදු උදාව වෙනුවෙන් සිරකරුවන් නිදහස් කිරීමේ වැඩසටහනට අනුව ඔවුන්ව නිදහස් කෙරුණු බවයි මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපතිවරයා පවසන්නේ.

වසර හතක් මුලුල්ලේ බරපතල වැඩ සහිතව සිර දඳුවම් ලබමින් සිටි මෙම ශ්‍රී ලාංකික ධීවරයින් 15 දෙනා කඩිනමින් ශ්‍රී ලංකාව වෙත පිටත් කිරීම සඳහා ද කටයුතු කරන බවයි මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපතිවරයා පැවසුවේ.

ශ්‍රී ලංකාව සහ මියන්මාර රජය අතර කලක පටන් කෙරුණු සාකච්ඡාවල ප්‍රතිපලයක් අනුව ඔවුන්ව නිදහස් කළ බව ද මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපතිවරයා පවසනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *