මිලියන 24ක කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට

රුපියල් මිලියන 24කට අධික වටිනා කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවික හමුදාව පොලිස් විශේෂ කාර්යය බලකාය සමග ඒකාබද්ධව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් හැටකට (60) අධික තොගය සොයාගෙන තිබෙනවා.

මේවා යාපනය වල්ලිපුරම් වෙරළ ප්‍රදේශයේදී සොයා ගත් බවයි නාවික හමුදාව පැවසුවේ.

වල්ලිපුරම් වෙරළ ප්‍රදේශයේ සිදුකළ මෙම ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී සැකකටයුතු ලෙස රැඳී සිටි පුද්ගලයෙකු පරීක්ෂාවට ලක් කොට තිබුණා.

එහිදී ලද තොරතුරු මත සඟවා තිබූ උර දෙකක් 2ක් තුල පාර්සල් විසි නවයක 29ක අසුරන ලද කේරළ ගංජා කිලෝ 60 ග්‍රෑම් 300ක තොගයක් අත්අඩංගුවට ගත්තා.

සැකකරු වයස අවුරුදු 24 ක් වන යාපනය, තාලයඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි නාවික හමුදාව පවසන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *