මිලියන 47 කට පෙර සිටි දැවැන්ත සර්පයෙකුගේ පොසිලයක් හමුවේ

ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් දැවැන්ත සර්පයෙකුගේ පොසිලයක් ඉන්දියාවෙන් සොයා ගෙන තිබෙනවා.

බටහිර ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ පතලකින් සොයාගත් යෝධ සර්පයාගේ දිග අඩි 36ත්, 50ත් අතර සහ බරින් ටොන් එකක් වන්නට ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

මෙම සර්පයා වාසුකි ඉන්ඩිකස් ලෙස නම් කර ඇති අතර, වාසුකී යනු, ශිව දෙවියන්ගේ ගෙළ වටා සිටින නා රජුගේ නමයි.

මෙම යෝධ සර්පයා වසර මිලියන 47කට පෙර ඉන්දියාව පුරා වාසය කරන්නට ඇති බවට විශ්වාස කෙරෙන අතර, මෙතෙක් ජීවත් වු විශාලතම සර්පයන්ගෙන් එකෙක් විය හැකි බවයි විද්‍යාඥයන් මත පළ කරන්නේ.

වර්තමානයේ ජීවත්වන විශාලතම සර්පයා වන්නේ අඩි 32 ක දිගින් යුත් ආසියාවේ රෙටිකියුලේටඩ් පිඹුරායි.

What's your reaction?

Related Posts

1 of 576

Leave A Reply

Your email address will not be published. Required fields are marked *