මිහින්තලයෙන් අතුරුදන් වෙන දේවල් ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

තෙත්බිම්, අලි ඇතුන් සහ අනෙකුත් සතුන්, අද මිහිතලයෙන් අතුරුදහන් වන විශේෂ බවට පත්වෙමින් තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, ඊයේ (20) බත්තරමුල්ල හෝටලයක පැවති අන්තර්ජාතික තෙත්බිම් එකමුතුවේ පළමු වැනි ආසියානු සහ ඕෂනියා සබැඳි සමුළුවේ (1st WLI Asia Oceania Conference 2024) සමාප්ති උත්සවයට එක් වෙමින්.

සංවර්ධනය සහ ජනගහණයේ ව්‍යාප්තිය සමඟ අද රට පුරා තෙත්බිම් අහිමි වෙමින් පවතින බවද ජනාධිපතිවරයා සඳහන් කළා.

එබැවින් අප මේවා සංරක්ෂණය කර ගැනිමට කඩිනම් අවධානය යොමු කළ යුතු බවත්, එහිදී සියලුදෙනා එකඟ වන පොදු අරමුණකින් කටයුතු කළයුතු බවත් ජනාධිපතිවරයා පැවසුවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *