මීගමුව බන්ධනාගාරයේ රාජකාරී සිටි නිලධාරියෙකු සන්තකයේ දුම්කොල තිබී අත්අඩංගුවට…

2024.08.03 වන දින (අද) මීගමුව බන්ධනාගාරයේ රාජකාරී නියුතු නියාමක නිලධාරීයෙකු දිවා ආහාරයට ගොස් නැවත බන්ධනාගාරය තුලට පැමිණෙන අවස්ථාවේදී බන්ධනාගාර ප්‍රධාන දොරටුවෙන් ඇතුලුවීමට ප්‍රථම මීගමුව බන්ධනාගාර නිලධාරීන් විසින් සෝදිසියකට ලක් කර ඇත.

ඒ අනුව, තම රාජකාරී නිල ඇදුමේ යට කලිසම තුල සූක්ෂම ලෙස සඟවා තිබී දුම්කොලයක් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ග සඳහා මීගමුව පොලිස් ස්ථානය වෙත භාරදී ඇති අතර මූලික විමර්ශණයකට යටත්ව නිලධාරියාගේ වැඩ තහනම් කර ඇත.

ගාමිණි බී. දිසානායක
බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක)

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *