මීතොටමුල්ලේ දී පොලිසියට සුනඛයන් උසි ගැන්වූ ජාවාරම්කරුවෙකුට වෙඩි

වැල්ලම්පිටිය – මීතොටමුල්ල – වඩු ගොඩවත්ත ප්‍රදේශයේ නිවසක නීති විරෝධීමත්පැන් වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට එහි සිටි පුද්ගලයෙකු සුනඛයන් ලිහා සපා කෑමට සලස්වමින් පහරදුන් පුද්ගලයෙකුට පොලිසිය වෙඩිතැබීමක් සිදු කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, සිද්ධියෙන් වැල්ලම්පිටිය පොලිසියේ පොලිස් නිළධාරියෙක් තුවාල ලබා කොළඹ – ජාතික රෝහලට ඇතුළත් කර බවයි.

එමෙන්ම වෙඩි වැදුන සැකකරු ද ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

නීති විරෝධී මත්පැන් ජාවාරමක් සිදු කරන බවට පොලිසියට ලද තොරතුරකට අනුවයි වැල්ලම්පිටිය පොලිසියේ නිලධාරීන් පිරිසක් මීතොටමුල්ල – වඩුගොඩවත්ත ප්‍රදේශයේ සැකකරුගේ නිවස පරික්ෂා කර ඇත්තේ.

එහිදී සැකකරු සිය නිවසට තුළට ඇතුල්වීමට ඉඩ නොදී බල්ලා ලිහා දමා සපා කෑමට සලස්වා තිබෙනවා. එමෙන්ම සැකකරු විසින් පොලිස් නිලධාරීන්ට පොලු වලින් පහරදීමද සිදු කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එම අවස්ථාවේදී පොලිස් සැරයන්වරයෙකු සිය රාජකාරී ගිණි අවියෙන් ඔහුට වෙඩි තැබීමක් සිදුකර ඇති අතර ඉන් සැකකරුගේ එක් පාදයකට තුවාල සිදුව තිබෙනවා.

මේ අතර යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයකු විසින් තමන්ට වෙඩි තැබීමක් සිදු කළ බවට පවසමින් 33 හැවිරිදි කාන්තාවක් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මාතර මහ රෝහල වෙත ඇතුළත් වී ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.

අද (20) අලුයම 1 ට පමණ මාතර වල්ගම ප්‍රදේශයේ දී මෙම වෙඩිතැබීම සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අදාළ කාන්තාව, මාතර ප්‍රදේශයේ සම්බාහන ආයතනයක හිමිකරුවෙකු සමඟ යතුරුපැදියක ගමන් කරමින් සිටියදී මෙම වෙඩි තැබිම සිදුව තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *