මුදල් ඔට්ටුවට යතුරුපැදි ධාවනය කළ පුද්ගලයින් 14ක් අල්ලයි

පන්නිපිටිය ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී මුදල් ඔට්ටුවට අන්තරාදායක ලෙස යතුරුපැදි ධාවනය කළ පුද්ගලයින් 14 දෙනෙකු අත්අඩංගුවට නෙ තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් වයස අවුරුදු 18ත් 25ත් අතර වයස්වල පසුවන දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි සඳහන් වන්නේ.

මහරගම – හයිලෙවල් මාර්ගය අසල අන්තරාදායක ලෙස යතුරුපැදි ධාවනය කරන ලෙස මහරගම පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණා.

ඒ අනුව සිදුකළ වැටලීමේදීයි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ මොවුන් අන්තර්ජාලය ඔස්සේ තොරතුරු හුවමාරු කරගෙන පසුව විවිධ ප්‍රදේශවල සිට මෙම යතුරුපැදි ධාවන තරග පවත්වන බවටයි.

What's your reaction?

Related Posts

1 of 287

Leave A Reply

Your email address will not be published. Required fields are marked *