මුම්බායි ඉන්දියන්ස් දෙදරා යයි ද?

මෙවර ඉන්දීය ප්‍රිමිය ලීගයේ වැඩිපුරම අවධානය දිනාගත් කණ්ඩායම වන්නේ හර්දික් පාණ්ඩ්‍යාගේ නායකත්වයෙන් තරග වදින මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමයි.

මෙවර මුම්බායි නායකත්වය වෙනස්වීමත් සමඟ මෙම කණ්ඩායම ක්‍රීඩාලෝලීන්ගේ අවධානය දිනාගන්නට සමත් වුණා.

කෙසේ නමුත් නායකත්වයේ වෙනස් වීමත් සමඟ මුම්බායි කණ්ඩායම පාර්ශව දෙකක් බවට වෙන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

හිටපු නායක රෝහිත් සහ නව නායක පාණ්ඩ්‍යා වටා මෙසේ කණ්ඩායමේ සාමජික‍යින් එකතු වී ඇති බවද සඳහන්.

එමෙන්ම ඉෂාන් කිශන් ප්‍රමුඛ නවකයින් පාණ්ඩ්‍යාගේ නායකත්වයට සහාය දෙන බවයි වාර්තා වන්නේ.

මේ අතරම ලසිත් මාලිංග සමඟ පාණ්ඩ්‍යාගේ විරසකයක් ඇති වී ඇති බවට ද ඉන්දීය මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබෙනවා.

ඒ මුම්බායි ඉන්දියන්ස් හා සන්රයිසස් කණ්ඩායම අතර පැවති තරගයක වීඩියෝපට උපුටා දක්වමින්.

සන්රයිසස් කණ්ඩායම සමඟ පැවති තරගය අවසානයේ ක්‍රීඩකයින්ට අතට අත දෙන මොහොතේද පාණ්ඩ්‍යා විසින් ලසිත් මාලිංගව ඉවතට තල්ලු කරන ආකාරය සඳහන් වීඩියෝ පටයක් සමාජ ජාලා සහ පුවත් වෙබ් අඩවි කළඹා තිබෙනවා.

එම වාර්තාවල සඳහන් කර තිබෙන්නේ ද පුරාවෘත්තයක් බඳු ක්‍රීඩකයෙක්ට ගෞරව කිරීමට නොදන්නා මුම්බායි නායකයා වශයෙනුයි

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *