මුල්ලේරියාවේ ප්‍රසිද්ධ පාසලක් අසල මත්ද්‍රව්‍ය තිප්පොළක් වටලයි

මුල්ලේරියාව ප්‍රදේශයේ පාසල් සිසුන්ට මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

18 හැවිරිදි සහ 24 හැවිරිදි මෙම සැකකරුවන් ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක් අසල කොණ්ඩා කපන ස්ථානයක සිට මෙම මත්ද්‍රව්‍ය ජාවාරම කර ගෙන ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඔවුන් සතුව තිබූ මත්ද්‍රව්‍ය, මදනමෝදක, ගංජා අඩංගු බියර් ඇතුළු මත්ද්‍රව්‍ය වර්ග කිහිපයක් ද පොලිසිය සොයාගත්තා.

පාසල් දරුදැරියන් එම ස්ථානයේ දීම මත්ද්‍රව්‍ය ලබාගෙන භාවිත කර ඇති බවට අනාවරණය වී තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *