මූල්‍ය අරමුදලේ තුන්වන සමාලෝචනය ගැන තීරණය ජනාධිපතිවරණයෙන් පසු

විස්තීර්ණ මූල්‍ය පහසුකම් වැඩසටහනට අදාළ තුන්වන සමාලෝචනයේ කාලසීමාව පිළිබඳව ජනාධිපතිවරණයෙන් පසුව රජය සමග සාකච්ඡා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානි පීටර් බෲවර් ප්‍රකාශ කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ මූල්‍ය පහසුකම් වැඩසටහන යටතේ වන මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලට අනුව සාර්ව ආර්ථික වර්ධනය සහ ආර්ථික හා මූල්‍ය ප්‍රතිපත්ති හඳුන්වාදීමේ ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෲවර් ඇතුළු කණ්ඩායම පසුගිය 25 වැනිදා මෙරටට පැමිණියා.

ඔවුන් ඊයේ දක්වා මෙරට සංචාරයක නිරත වූ අතර, ඉන් අනතුරුවයි නිවේදනයක් නිකුත්කර ඇත්තේ.

එහි දැක්වෙන්නේ, ශ්‍රී ලංකා රජය හඳුන්වා දුන් ආර්ථික ප්‍රතිසංස්කරණ අඛණ්ඩව කාර්තු 03ක් පුරා දළ දේශීය නිෂ්පාදතයේ වර්ධනය, අඩු උද්ධමනය, ආදායම් එක්රැස් කිරීමේ වර්ධනය සහ බාහිර සංචිත ගොඩනැගීම සමගින් ප්‍රකෘතිමත් වීමට උපකාරී වී ඇති බවයි.

රථවාහන ආනයන සීමා ලිහිල් කිරීම, 2025 වසරේදී ආදායම් ශක්තිමත් කිරීමට සහාය වනු ඇති බවද එහි දැක්වෙනවා.

2025 අප්‍රේල් වනවිට අපනයනකරුවන් සඳහා වැට් බදු ආපසු ගෙවීමේ ක්‍රමයක් ස්ථාපනය කිරීම ඇතුළු බදු පරිපාලන ප්‍රතිසංස්කරණ මගින් එම තත්ත්වය තවදුරටත් වැඩිදියුණු කළ හැකි බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *