මූල්‍ය ඝාතකයින්ගෙන් රට මුදාගන්නා බවට විපක්ෂ නායක සජිත්ගෙන් ප්‍රකාශයක්

ටෙන්ඩර් ක්‍රමවේදයෙන් බැහැරව ගිය මන්නාරම සුළං විදුලි බළාගාර ව්‍යාපෘතිය හේතුවෙන් රුපියල් කෝටි ගණනක මුදල් මංකොල්ලයක් සිදුව ඇති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (28) විශේෂ අනාවරණයක් සිදු කළා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ ඇඹිලිපිටිය ඩී.ඒ.රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති පිබිදෙන රණවිරු බලවේගයේ 7 වැනි දිස්ත්‍රික් සමුළුවට එක්වෙමින්.

මෙහිදී විශ්‍රාමික යුද හමුදා නිලධාරීන් සහ විපක්ෂනායවරයා දිස්ත්‍රික් රණවිරු ප්‍රඥප්තියටද අත්සන් කළා.

මේ අතර සාහිත්‍යවේදී පාඨලී රෝහණ ජයන්ත අතින් රචිත ”‍ආදරණීය සජිත්”‍ග්‍රන්ථය එළි දැක්වීම කොළඹ පුස්තකාල හා ප්‍රලේඛණ සේවා මණ්ඩල ශ්‍රවනාගාරයේදී සිදු කෙරුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *