මෙවරත් පවුල් ලක්ෂ 28ක⁣ට නොමිලේ සහල්..

නොමිලේ සහල් ලබා දීමේ වැඩසටහන මෙවරත් අප්‍රේල් සහ මැයි මාසවලට අදාළ ව ක්‍රියාත්මක කිරීමට රජය සූදානම් බවත් ඒ සඳහා මෙතෙක් කිසිදු සහනාධාර වැඩපිළිවෙළකට සහභාගී වී නොමැති පිරිස ඊට ඇතුළත් කර ගන්නා බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. ඒ අනුව දැනට අස්වැසුම ලබා ගන්නා සහ ඊට අයදුම් කර ඇති පිරිස ද, මීට පෙර සමෘද්ධි ප්‍රතිලාභ ලබා අස්වැසුම අහිමි වූ පිරිස ද, වකුගඩු, වැඩිහිටි සහ ආබාධිත දීමනා ලබන පිරිස ද ඊට ඇතුළත් ය. මීට අමතරව මේ සියලු සහනාධාර වැඩසටහන්වලින් මඟ හැරී ගිය පිරිසක් වේ නම් ඔවුන් මෙම වැඩසටහනට ඇතුළත් කිරීමේ බලය ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත ලබා දී ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ. සහල් කිලෝ 20 බැගින් මෙවර ද තෝරාගත් පවුල සඳහා හිමි වන අතර පසුගිය වර මෙම සහනාධාරය හිමි කර ගත් පවුල් සංඛ්‍යාව ලක්ෂ 27.5ක් බවයි අමාත්‍යවරයා කියා සිටියේ. තෙල් විදුලිය වැනි සේවාවන් සඳහා පිරිවැයට සරිලන මිලක් නියම කර ඇති වටපිටාවක් තුළ රජයේ උපකාර අවශ්‍ය නිවැරැදි ම කණ්ඩායම වෙත සහන ලබා දීම රජයේ අපේ්ක්ෂාව බවයි අමාත්‍යවරයා පැවසුවේ. මිහින්තලේ,විලච්චිය, නාච්චිදූව ඇතුළු ප්‍රදේශ රැසක සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමේ අවස්ථාවන්ට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *