මෛත්‍රිගේ ප්‍රකාශ ගැන කඩිනම් පරීක්ශනයක් කරන්න

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කඩිනම් විමර්ශන සිදු කරන ලෙසත් අපරාධමය වරදක් අනාවරණය වන්නේ නම් වහාම සිදුසු පියවර ගන්නා ලෙසත් මාළිගාකන්න මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය අද (10)  අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට නියෝග කළාය.  
පාස්කු ප්‍රහාරය සම්බ්නධයෙන් හිටපු ජනාධිපතිවරයා සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බ්නධයෙන් සිදු කරන විමර්හණ වලට අදාළව නඩුව කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය මේ නියෝගය සිදු කළාය.
පාර්ලිමේන්කු මන්ත්‍රි කාව්න්ද ජයවර්ධන සහ ජනඅරගලය ව්‍යාපාරයේ පුරවැසියෝ යනව අයවළුන් ගොනු කර ඇති පැමිණිලි ප්‍රකාරව සිදු කරන විමර්හණ ප්‍රගිතය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.නඩුව කැඳවූ අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයා  අධීකරණය හමුවේ පෙන ීනොසිටි අතර කාවින්ද ජයවර්දණ මහතා වෙනුවෙන් පෙන ීසිටි නිතඥවරයා දන්වා සිටියේ මේ වන විටත් මීට අදාළ ගොනු කර තිබූ මුලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් හමුවේ හිටපු ජනාැධිපතිවරයා වරදකරු වී ඇති බවය. මේ වනවිටත් ඔහු පෙත්සම්කරුවන්ට වන්දි ගෙවමින් සිටින බවද නිතිඥවරයා දන්වා සිටියේය. එමෙන්ම හිටපු ජනාධිපතිවරයා ලබා දුන් ප්‍රකාශයසෙත්්‍ය අසත්‍යතාවය සම්බ්නධයෙන් වහාම පවිධිමත පරීක්ෂණයක් පවත්වා අධිකරණයට දන්වා සිටිය යුතු බව ඛී නිතිඥවරයා අධිකරණයට එම කරුණු සගවාගෙන විමර්ශන නොකළ යුතු බවත් කියා සිටියේය.

What's your reaction?

Related Posts

1 of 287

Leave A Reply

Your email address will not be published. Required fields are marked *