මෛත්‍රීගේ රට යෑම ගැන සැකයක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදෙස් ගතවීම සම්බන්ධයෙන් සැකයක් පවතින බව සමගි ජන බලවේගයයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පවසනවා.

ඒ ඉකුත් දා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් කර ඇති පැමිණිල්ලට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද (10) පැමිණි අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහි දී ඔහු සඳහන් කළේ, මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර ඇති පසුබිමක මෙලෙස ඔහු විදෙස් ගත වීම ගැටලුවක් බවයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, තායිලන්තයේ සංචාරයක් සඳහා තවත් 09 දෙනෙකු සමග ඊයේ අලුයම දිවයිනෙන් පිටත්ව ගියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *