මෛත්‍රීට එරෙහි අතුරු තහනමින් පසු පක්ෂ මූලස්ථානයේ උණුසුම් තත්ත්වයක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාළමින් කොළඹ දිසා අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමෙන් අනතුරුව නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් රැසක් මේවන විට මරදාන ඩාලි පරේ පිහිටි නිදහස් පක්ෂ මූලස්ථානයට රැස්ව ඇතැයි අප වෙත වාර්තා වනවා.

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු පැවසුවේ, පක්ෂයට ඉතා කඩිනමින් වැඩ බලන සභාපතිවරයෙකු පත්කර ගත යුතු බවත්, ඒ සඳහා මෙය හොඳ ම අවස්ථාව වන බවයි.

කෙසේ නමුත් මේ මොහොත වනවිට ඩාලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයට හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේනට හිතවත් පිරිසක් ද එක් රැස් වී ඇති බවයි වාර්තා වන්නේ.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යොමුකළ පැමිණිල්ලකට අදාළව මෛත්‍රීපාල සිරිසේනට එම පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාළමින් කොළඹ දිසා අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමෙන් අනතුරුවයි මෙම තත්ත්වය උද්ගත වී ඇත්තේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *