“මොන පිස්සුද අනේ” රනිල්ගේ කතාවකට මහින්දගෙන් ප්‍රතිචාර

ජනාධිපතිවරයා කළ ප්‍රකාශයක් සම්බන්ධව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් අද (16) මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා.

එහිදී පොහොට්ටුව බලාපොරොත්තු වන්නේ ජනාධිපතිවරණයක්ද? මහ මැතිවරනයක්ද? යනුවෙන් මාධ්‍යවේදීන් කළ විමසීමට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ, ඕනෑම මැතිවරණයකට තම පක්ෂය සූදානම් බවයි.

පොහොට්ටුව මහ මැතිවරණයක් ඉල්ලන්නේ කොටස් වෙළඳපොළ වාසි ගැනීමට යැයි පසුගියදා කළ ප්‍රකාශය පිළිබඳ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයට හිටපු ජනාධිපතිවරයා “මොන පිස්සුද අනේ.. ඒක පිළිගන්නෙ නෑ” ලෙස පිළිතුරු දුන්නා.

අද කොළඹ පැවති වැඩසටහනකින් අතතුරුවට හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ රට වෙනුවෙන් ආණ්ඩුවේන් ඉවත් වීමටද සූදානම් බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *