මොරගහකන්දේදී සිදු වූ බිහිසුණු අනතුර

මොරගහකන්ද මාරගමුව ප්‍රදේශයේදී අද (20) උදෑසන කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අධි බලැති විදුලි කණුව ගැටී එම රථය පෙරලී රථයේ ගමන් ගත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මේවන විට ඔවුන් මාතලේ මහ රෝහලට ඇතුලත් කර ඇති බවයි සඳහන් වන්නේ.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ කතරගම වන්දනාවේ ගොස් මාතලේ රත්තොට ප්‍රදේශයේ පිහිටි තම නිවෙස බලා ගමන් කරමින් සිටි පුද්ගලයින් රැගත් කැබි රථයක්.

අනතුර සිදුවන අවස්ථාවේ කැබ් රථය තුළ පුද්ගලයින් 08 දෙනෙකු ගමන් කර ඇති අතර, විදුලි කණුවේ කැබ් රථය සිරවීමෙන් පසු ප්‍රදේශවාසී මහත් පරිශ්‍රමයක් දරා ඉන් ඉවතට ගෙන තුවාලකරුවන් වහා රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇත්තේ.

අනතුරින් තුවාල ලබා රෝහල් ගත කර ඇති පුද්ගලයින්ගේ තත්ත්වය එතරම් බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කර සිටියී.

කැබ් රථයේ රියදුරුගේ අධික වේගය හා ඔහුට සිය රථය පාලනය කර ගත නොහැකි වීමෙන් මෙම අනතුර සිදුව ඇති බව‍යි පරීක්ෂණවලදී තහවුරු වී ඇත්තේ.

මෙම අනතුර පිළිබඳව වැඩිදුර පරීක්ෂණ නාවුල පොලීසිය විසින් සිදුකරනු ලබනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *