මෝටර් රථ ධාවන ඉතිහාසය වෙනස් කළ ලංකාවේ යෙවාන්

ඉතාලියේ පැවති යුරෝ ෆෝමියුලා විවෘත මෝටර් රථ ධාවන තරගාවලියේ 8වන අදියරේ ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා මෝටර් රථ ධාවන ශූර යෙවාන් ඩේවිඩ් සමත්ව තිබෙනවා.

ඉතාලියේ මොන්සා ධාවන පථයේ පසුගියදා (19) පැවති සිය පළමු තරගයේදීමයි 17 හැවිරිදි වියේ පසුවන යෙවාන් මෙසේ ජයග්‍රහණය කර ඇත්තේ.

සුප්‍රසිද්ධ ෆෝමියුලා 1 ශූර රූබන්ස් බැරිචෙලෝගේ පුත් ප්‍රනාන්දු බැරිචෙලෝ ඇතුළු පළපුරුදු තරඟකරුවන් අභිබවා යෑමට යෙවාන් සමත් වුවා.

ඔහු මෙම තරගයේදී නියෝජනය කර ඇත්තේ, ජර්මනියේ මොටෝපාර්ක් කණ්ඩායමයි.

එමෙන්ම මෙරට මෝටර් රථ ධාවකයෙකු F3 මෝටර් රථ ධාවන තරගාවලියකට සහභාගි වූ පළමු අවස්ථාව ද මෙයයි.

ඔහුගේ මෙම ජයග්‍රහණය ජාත්‍යන්තර මෝටර් රථ ක්‍රීඩාවේ ශ්‍රී ලංකාවට වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ලබනවා.

What's your reaction?

Related Posts

1 of 449

Leave A Reply

Your email address will not be published. Required fields are marked *