මෝදි අද දිවුරුම් දෙයි

ඉන්දීය අග්‍රාමත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම් දීමේ උත්සවය එරට වේලාවෙන් රාත්‍රී 7.15 ට ආරම්භ කිරීමට නියමිතයි.

ඒ අනුව ඔහු ඉන්දීය ඉතිහාසයේ තුන්වන වරටත් අගමැති ලෙස දිවුරුම් දුන් දෙවන පුද්ගලයා වනු ඇති. මීට පෙර ඉන්දියාවේ පළමු අග්‍රාමාත්‍යවරයා වූ ජවහර්ලාල් නේරු තුන්වරක් අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම්දී තිබුණා.

රාෂ්ට්‍රපති භවන් හිදී පැවැත්වෙන දිවුරුම්දීමේ උත්සවයේදී සමස්ත ඇමති මණ්ඩලයෙන් 30 දෙනෙකු පමණක් දිවුරුම්දීමට නියමිත බව සඳහන්. මුලු අමාත්‍ය මණ්ඩලයේ සංඛ්‍යාව 78 ත් 81 ත් අතර වනු ඇති බවටයි වාර්තාවන්නේ.

නවදිල්ලි අගනුවර ආරක්ෂාව තර කර ඇති අතර රාෂ්ට්‍රපති භවන් අවට මාර්ගවල ද රථවාහන සීමා කිරීමටයි ඉන්දීය ආරක්ෂක අංශ කටයුතු කර තිබෙන්නේ.

මෙම දිවුරුම්දීමේ අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ, මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු, බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා, මොරිෂස් අගමැති ප්‍රවින්ද් කුමාර් ජග්නවුත්, නේපාල අගමැති පුෂ්ප කමල් දහාල්, භූතාන අගමැති ෂෙරිං ටොබ්ගේ සහ සීෂෙල්ස් උප සභාපති ඇතුළු විදේශීය නායකයන් රැසක් එක්වීමට නියමිතයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *