යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් තරුණයෙක් මරුට

යාපනය පරන්තන් මාර්ගයේ පරන්තන් ප්‍රදේශයේදී කිලිනොච්චිය දෙස සිට පරන්තන් දෙසට ධාවනය වු යතුරු පැදි 02 ක් එකිනෙක ගැටී අනතුරක් සිදුව ඇති බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ ඊයේ (04) දින මෙම අනතුර සිදුව ඇති බවය.

අනතුරින් යතුරු පැදිකරුවන් දෙදෙනා බරපතල තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් ඇති බව පොලිස් විමර්ශණවලදී හෙළිව තිබෙනවා.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 25 ක් වු උරුත්තුරපුරම්, කිලිනොච්චිය ප්‍ර දේශයේ පදිංචිකරුවෙක්.

මෘත ශරීරය කිලිනොච්චිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය විමර්ශනය සිදුකරනු ලබනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *