යමින් තිබූ දුම්රියෙන් ප්‍රධාන නියාමක ඇදවැටෙයි

කොළඹ කොටුවේ සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ප්‍රධාන නියාමකවරයා අතරමගදී බිම ඇද වැටීම නිසා වෙනත් නියාමකවරයකු යොදවා එම දුම්රිය ගම්පහ දුම්රිය ස්ථානයේ සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වෙනවා.

මෙම දුම්රිය ගම්පහ දුම්රිය ස්ථානයේ අද (16) අලුයම නතර කිරීමෙන් පසු යළි ගමන් ආරම්භ කිරීම සඳහා නියාමකවරයාගෙන් සංඥා ලැබී නැති අතර සිදු කළ සොයා බැලීමේ දී නියාමකවරයා මැදිරියේ නොසිටි බවට හෙළි වී ඇත්තේ.

දුම්රිය ධාවනය වෙමින් පැවතියදී බුළුගහගොඩ ප්‍රදේශයේ දී නියාමකවරයා දුම්රියෙන් බිම ඇද වැටි රෝහල් ගත කර ඇති බවට පසුව අනාවරණය වී තිබෙනවා.

මේ හේතුවෙන් වෙනත් නියාමකවරයෙකු යොදවා දුම්රිය යළි ධාවනය කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *