යාපනයෙන් බිහි වූ විශිෂ්ටයා IPL බබළවයි

යාපනයේ ක්‍රිකට් උරුමය ජාත්‍යන්තරයට රැගෙන යමින් ශ්‍රී ලංකා දඟ පන්දු යවන විජයකාන්ත් වියස්කාන්ත්, අද ප්‍රථමවරට IPL වරම් හිමි කර ගෙන තිබෙනවා.

සන්රයිසස් හයිද්‍රාබාද් (SRH) විසින් දැනට පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) 2024 වාරයේ Lucknow Super Giants (LSG) ට එරෙහි තරගය සඳහා ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්ත් ඔවුන්ගේ සංචිතයට හඳුන්වා දී ඇති බවයි වාර්තා වන්නේ.

ආබාධයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වූ වනිඳු හසරංග වෙනුවටයි වියස්කාන්ත් තරගයට කැඳවා ඇත්තේ.

22 හැවිරිදි විජයකාන්ත් වියස්කාන්ත් 2023 Hangzhouහි පැවති ආසියානු ක්‍රීඩා උළෙලේ T20 තරගයේ දී ශ්‍රී ලංකාව නියෝජනය කර තිබෙනවා.

එහිදී ඔහු තරග හතරකදී කඩුලු 8ක් දවා ගැනීමට සමත් වුණා.

එමෙන්ම Lanka Premier League (LPL) හිදී Jaffna Kings වෙනුවෙන් තරග කර ඇති අතර එහිදී ඔහු තරඟාවලිය පුරා කඩුලු 13ක් ලබා ගනිමින් ප්‍රමුඛතම කඩුලු ලාභීන්ගෙන් කෙනෙකු බවට පත්විම ද විශේෂත්වයක්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *