යාපනයේ ඉඩමකින් බිම් බෝම්බ පහක් හමුවෙයි

යාපනයේ වේලනෙයි සරවනී ප්‍රදේශයේ ඉඩමකින් බිම් බෝම්බ පහක් ආරක්ෂක අංශ විසින් 8 වනදා සොයා ගෙන තිබෙනවා.

එම ඉඩමේ අයිතිකරු විසින් එම බෝම්බ දැකීමෙන් පසුව ඔහු ඒ පිළිබඳව පළාතේ ග්‍රාම නිලධාරිවරයා හරහා පොලිසියට පැමිණිලි කොට ඇති බවයි සඳහන් වන්නේ.

පොලිසිය හා ආරක්ෂක අංශ සාමාජිකයින් පැමිණ එම බිම් බෝම්බ පහම ඔවුන් භාරයට ගෙන තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ හමු වී ඇති බිම් බෝම්බ පහම පීඩන බෝම්බ වන අතර, ඒ බෝම්බ පහම ජීව තත්ත්වයේ තිබී ඇති බවයි.

පසුව කයිට්ස් පොලිසිය විසින් කයිට්ස් අධිකරණයෙන් ලබා ගන්නා ලද නියෝගයකට අනුව එම බිම් බෝම්බ පහ පොලිස් විශේෂ කාර්ය බලකයේ හා යුද හමුදාවේ බෝම්බ නිෂ්ක්‍රිය අංශයේ නිලධාරීන් ලවා පුපුරවා විනාශ කිරීමට පියවර ගෙන තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *