”යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය අපේ රජයක් යටතේ ඉදිකරනවා”

යහපාලන රජයේ දී සැලසුම් කළත් මෙතෙක් ඉදි නොවූ යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය තම රජයක් යටතේ ඉදිකරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ යාපනය ප්‍රදේශයේ පැවැති වැඩසටහනකට එක්වෙමින්.

සක්වළ වැඩසටහනේ 233 වැනි අදියර යටතේ යාපනය කෝපායි නීර්වේලි අත්තියර් හින්දු විද්‍යාලයට රුපියල් ලක්ෂ 12කට ආසන්න වටිනාකමින් යුත් සුහුරු පන්ති කාමරයක් ලබාදීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

එහිදී පාසැලේ නර්තන කණ්ඩායමට අවශ්‍ය ඇඳුම් සපයා ගැනීම සඳහා පාසැල් සංවර්ධන අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් ද විපක්ෂ නායකවරයා පරිත්‍යාග කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *