යුක්රේන යුද්ධයට කුලී හේවායන් වූ ශ්‍රී ලාංකිකයන්ගේ දුක්බර කතාව !

යුක්රේනයේ පවතින ගැටුම් මධ්‍යයේ, ගැටුමේ දෙපැත්තෙන්ම ආයුධ අතට ගත් ශ්‍රී ලාංකිකයන්ගේ සම්බන්ධය පිළිබඳ එතරම් ප්‍රසිද්ධ නැති පැතිකඩක් මතුවී තිබෙනවා.

අල් ජසීරා විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවකට අනුව දැක්වෙන්නේ යුක්රේන රුසියා යුද්ධයේ දී රුසියාව වෙනුවෙන් සටන් වැදී ශ්‍රි ලාංකිකයන් දෙදෙනෙක් සහ යුක්රේනය වෙනුවෙන් සටන් වැදි ශ්‍රී ලාංකිකයන් තුන් දෙනෙක් අවම වශයෙන් මියගොස් ඇති බවයි.

ඩොනෙට්ස්ක් කලාපයේ රුසියාව වෙනුවෙන් සටන් වදිමින් සිටිය දී රුසියානු බංකරයකට එල්ල වූ යුක්රේන ප්‍රහාරයකින් දරුණු ලෙස තුවාල ලැබූ ශ්‍රී ලංකික කුලී හේවායෙක් වු 36 හැවිරිදි සේනක බණ්ඩාර සිය සටන් සගයා වූ නිපුන සිල්වා සමග මුහුණ දුන් මාරක අත්දැකීම පිළිබඳව අල් – ජසීරා එත වාර්තා කර තිබුණා.

ඔහු පවසා තිබුනේ ප්‍රහාරයෙන් ඔහු තුවාල ලැබු අතර ඔහුගේ දෙපා වලින් සා අත් වලින් රුධිරය ගලමින් තිබුණු බවයි.

තුවාල ලබා සිටි නිපුනගේ තත්ත්වය බෙහෙවින්ම බරපතල වූ අතර ඔහුගේ පපුව, අත් සහ පාදවල තුවාල සිදුව තිබෙනවා.

ධරුණු වෙඩි ප්‍රහාර මධ්‍යයේ නිපුනව ද එකතු කරගත් සේනක පසුබැස ඇති අතර ඒත් සමගම තවත් යුක්රේන ඩ්‍රෝන රැල්ලක් ඔවුන් වාඩිවී සිටි ඩොනෙට්ස්ක් ප්‍රදේශයේ රුසියානු බංකර කලාපයට එල්ල වී තිබෙනවා.

“මම නිපුන එක් කරගෙන අමාරුවෙන් ඒ කලාපයෙන් පසුබසින්නට වුනා. ඒත් බංකර පෙළේ අවසාන බංකරය අසලට තවත් දැවැන්ත ඩ්‍රෝන් ප්‍රහාරයක් එල්ල වුනා. ඒ ප්‍රහාරයෙන් නිපුන බිම ඇදගෙන වැටුණා. නැවත මට ඔහුව ඔසවාගෙන යන්න ශක්තියක් තිබුනෙ නෑ. යුක්රේන ඩ්‍රෝන යානාවලින් ඇදගෙන වැටුණෙ මරණ වරුසාවක්. ඒක පුදුමාකාර වේදනාවක්. මට නිපුන අත්හැර යැම හැර වෙන විකල්පයක් තිබුණෙ නෑ… ”

නිපුන පවසන පරිදි තත්ත්වය මේ තරම් භයානක බව ඔවුන් නොදැන සිට ඇති අතර රුසියානු සහායක හමුදාවට බැඳී ඉදිරිපෙළට යෑමට පෙර ඔවුන් පුහුණු පාඨමාලා දෙකකට සම්බන්ධ වී තිබුණා.

” තත්ත්වය මෙතරම් භයානක බව අපි දැන සිටියේ නෑ… ඩොනෙට්ස්ක්හිදී, අපට ‘බංකර් රාජකාරියට’ යන්න කිව්වා. නමුත් අප යන්නේ ප්‍රහාරයක් එල්ල වෙමින් ඇති තැනකට බව අපි දැනගෙන හිටියේ නෑ.” වට්ස් ඇප් හඬ පට මගින් සිද්ධිය විස්තර කරමින් සේනක බණ්ඩාර අල් – ජසීරා සමග සිය අත්දැකීම් බෙදා ගෙන තිබුණා.

පසුව රුසියානු හමුදා සමඟ සටන් කරන අනෙකුත් ශ්‍රී ලාංකිකයන් විසින් නිපුනගේ සිරුර හඳුනාගෙන තිබුණා.

සේනක පවසන පරිදි, මෑත මාසවලදී රුසියාව වෙනුවෙන් සටන් කරමින් අඳුරු ඩොන්ටෙස්ක් යුධ පිටියේ මිය ගිය නිවර්තන දකුණු ආසියානු දූපතේ දෙවැන්නා නිපුනය.

වාර්තා වූ මරණ දෙක පසුගිය වසරේ රුසියාවේ ආක්‍රමණයට එරෙහිව යුක්රේනය වෙනුවෙන් සටන් කරමින් සිටියදී මියගිය ශ්‍රී ලාංකිකයන් තිදෙනාට එකතු වුණා.

රුසියාවේ සටන්කරුවෙකුට මසකට ඩොලර් 3,000 දක්වා වැටුප් පිරිනැමීම සහ රුසියානු පුරවැසිභාවය පිළිබඳ අපේක්ෂාවෙන් බොහෝ ශ්‍රි ලාංකිකයන් මේ යුද්ධයට පැටලෙන අවකාශයක් නිර්මාණය වී ඇති අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ශ්‍රී ලාංකිකයන් දැන් යුක්රේනයේ රුසියානු හමුදාව සමඟ සේවය කරන බව රුසියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් විසින් අල් ජසීරා වෙත තහවුරු කර තිබුණා

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *