යුග තුනක ජන මෙහෙවරට සමුදුන් මහින්ද – වාසු

මැතිසබයේ දේශපාලන යුග තුනක් එකට යා කළ ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරුන් දෙදෙනකු ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවී විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ, 1970 වසරේ මැයි මාසයේ පැවති මහ මැතිවරණයෙන් මුල්වරට මැතිසබයට පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ වාමාංශික නායකයකුවන වාසුදේව නානායක්කාරයි.

මහින්ද රාජපක්ෂ වසර 11 ක් රටේ ජනාධිපතිවරයා ලෙස ද කටයුතු කළ අතර තිස් වසරක කුරිරු ත්‍රස්තවාදය හමාර කළ නායකයා ලෙස ඉතිහාසගත වුණා.

වාසුදේව නානායක්කාර වාමාංශික නායකයකු ලෙස සැමදා ප්‍රගතිශීලී කඳවුර නියෝජනය කරමින් දුගී දුප්පත් ජනතාව වෙනුවෙන් හඬ නැගූ දේශපාලකයෙක්.

බණ්ඩාරනායක මැතිනියගේ යුගයේ දේශපාලනය ආරම්භ කළ මොවුන් දෙදෙනා, ජේ.ආර්. ජයවර්ධන යුගය, චන්ද්‍රිකා යුගය පසුකොට අනුර දිසානායක යුගයේදී දේශපාලනයෙන් විශ්‍රාම ලබන බව ප්‍රකාශ කර තිබෙනවා.

What's your reaction?

Related Posts

1 of 309

Leave A Reply

Your email address will not be published. Required fields are marked *