ඉතාලිය යෝජනා කෙරු යුරෝ බිලියන 2 අනුමත වෙයි

යුරෝපීය කොමිසම රටට සහ සමස්ත යුරෝපා සංගමයේ අවශ්‍යතා සඳහා උපකාරී වන ව්‍යාපෘතියක් සඳහා ඉතාලිය විසින් යෝජනා කරන ලද යුරෝ බිලියන දෙකක මහජන ආධාර මුදල අනුමත කර ඇත. මෙය එලෙස සිදුවන පළමු වන අවස්ථාව වන අතර එය ඉතාලියේ කැටානියා හි පිහිටුවීමට නියමිතව පවතී. එය විදුලි උපාංග සඳහා ඒකාබද්ධ සිලිකන් කාබයිඩ් විප් නිෂ්පාදන කම්හල වන අතර, සිලිකන් කාබයිඩ් නිෂ්පාදනයේ සියලුම අදියර ආවරණය කරනු ඇත. එය විශේෂිත මයික්‍රොචිප් නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියේදී අත්‍යවශ්‍ය වන අතර පුනර්ජනනීය බල ශක්තිය වැනි ඉහළ කාර්ය සාධන උපාංග සහ සිසිලියේ ඉහළ නිපුණතා සහිත ශ්‍රම බලකායක් සංවර්ධනය කිරීමට දායක වනු ඇතැයි වැඩි දුරටත් සදහන් වේ.

මෙම ව්‍යාපෘතිය මගින් යුරෝපයේ සහ ලොව පුරා මෝටර් රථ කර්මාන්තය විසින් භාවිතා කරන ලබන මොඩියුල සහ අනෙකුත් උපාංග බවට සැකසෙන මිලිමීටර් 200 – විෂ්කම්භය වේෆර් භාවිතා කරමින් ඉහළ කාර්යසාධනයක් සහිත සිලිකන් කාබයිඩ් චිප් සඳහා මහා පරිමාණ නිෂ්පාදන කම්හලක් සංවර්ධනය කිරීමට හැකි වේ. බලාගාරය 2032 දී සම්පුර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක වීමට බලාපොරොත්තු වේ.

මේ හා සමගාමීව යුරෝපීය කොමිසමේ උප සභාපති Margrethe Vestager සඳහා. යුරෝ බිලියන දෙකක ඉතාලි පියවර අද අනුමත කරනු ලබන අතර සිලිකන් කාබයිඩ් විප් සඳහා අද්විතීය ඒකාබද්ධ බලාගාරයක් සඳහා සහය දක්වීමට ඔහු එකඟතාවය පල කර ඇත එය යුරෝපීය අර්ධ සන්නායක සැපයුම් දාමය ශක්තිමත් කරන කරනු ලබන අතර ඔවුනට විශ්වාසදායක බල ශක්ති ප්‍රභවයක් වෙත ප්‍රවේශ වීමට මාවත විවර වන බවට ඔහු වැඩිදුරටත් සහතික කරයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *