රංජන් ගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප කරවන්න හදන්නේ ප්‍රධාන දේශපාළණ පක්ෂවල බළල් අත්

ප්‍රධාන දේශපාළණ පක්ෂ සියල්ලටම එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ අභියෝගයක් වෙලා. රංජන් රාමනායක අභියෝගයක් වෙලා. ඔහු පාර්ලිමේන්තුවට එන එක වලක්වන්න බොහෝ අය බළල් අත් යොදවලා.

ඔවුන්ගේ කලබලයෙන්ම තේරෙනවා, පක්ෂයක් විදිහට අපි කොච්චර ජනප්‍රියද කියලා. රංජන් රාමනායකන් හිරේ ගියේ කුඩු විකුණලා නෙවේ. එතනෝල් විකුනලත් නෙවේ. ස්ත්‍රී දූෂණ හෝ හොරකම් කරලා අහුවෙලා නෙවේ. ඒවාට විරුද්ධව සටන් කරන්න ගිහිං, කට වරද්දාගෙන. ඒකට ඔහු දඬුවමක් විඳලා තිබෙනවා. අපි විශ්වාස කරනවා මේ රටේ අධිකරණය සාධාරණව කටයුතු කරයි කියලා.

කුමණ්ත්‍රණ කරුවන්ට ඔහුගේ පාර්ලිමේන්තු ගමන හැමදාම නවත්තන්න බෑ. අපි මේ රටේ ඊළඟ නායකයා ලෙස ඔහුව ගොඩනංවනවා.

අපි ඔහුව තෝරා ගත්තේ නළුවවෙක් හෝ ගායකයෙක් නිසාම නෙවේ. මේ රටේ ආනාගතය හදන්න, විවෘත මනසක් තියන, කදවුරුවලට ගාල් නොවුණු නායකයන් පිළිබඳ මහජනතාව එක්ක කරපු ස්වාධීන සමීක්ෂණයකින තමා අපි ඔහු ඇතුලු මේ පක්ෂයේ ඉදිරිපෙළ නායකයින් තෝරගෙන තියෙන්නේ. ඒ නිසා පාර්ලිමේන්තු යන එ කුමණ්ත්‍රණ වලින් නැවැත්තුවා කියලා එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬෙහි දේශපාළණය නවත්වන්න බෑ. අපි මේ රටේ අනාගත වුමණාව වෙණුවෙන් විකල්පය හදන පක්ෂය.

රවී කුමුදේශ්
මාධ්‍ය ප්‍රකාශක
එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *