රජය සතු කොටස් මිලදී ගැනීමේ ගනුදෙනු අගෝස්තු මාසය වන විට අවසන්

මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය (SRU) ශ්‍රී ලංකා රජය සතු ව්‍යවසාය කොටස් බෙදා හැරීම සඳහා අදාළ මිල කැඳවීම් සඳහා ප්‍රතිචාර ඉදිරිපත් කර ඇති දේශීය හා විදේශීය සමාගම්වල නම් සහ කෙටි ලැයිස්තුගත ලංසුකරුවන්ගේ නම් නිල වශයෙන් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව Hotel Developers Lanka Ltd, Canwill Holdings Pvt Ltd, Lanka Hospitals Corporation PLC, Sri Lanka Telecom PLC, LITRO, Sri Lanka Insurance Corporation Life Ltd, Sri Lanka Insurance Corporation General Ltd යන ආයතනයන්හි රජය සතු
ව්‍යවසාය කොටස් බෙදා හැරීම සඳහා අදාළ මිල කැඳවීම් සිදුකර දේශීය හා විදේශීය සමාගම් සහ කෙටි ලැයිස්තුගත ලංසුකරුවන් තෝරාගෙන තිබෙනවා.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම ඒකකය පවසන්නේ ශ්‍රීලංකන් ගුවන් සමාගම හැර අනෙකුත් සියලුම SOE ගනුදෙනු 2024 අගෝස්තු වන විට අවසන් කිරීමට අපේක්ෂා කරන බවත්, ශ්‍රීලංකන් ගුවන් සේවයේ කාලසීමාව 2024 සැප්තැම්බර් අවසානය දක්වා දීර්ඝ කිරීමට ඉඩ ඇති බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *