රටක් දියුණුව කරාගෙන යාමට ව්‍යවසායකයින් ශක්තිමත් කළ යුතු බව ජනපති කියයි

රටක් දියුණුව කරාගෙන යාම සඳහා ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ශක්තිමත් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (18) ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය සඳහා මූල්‍ය පහසුකම් පැකේජයක් හඳුන්වාදීමේ අවස්ථාවට එක්වෙමින්.

ආර්ථික අර්බුදය හමුවේ බිඳවැටීමේ අවදානමකට ලක් ව ඇති ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් නැවත සවිබලගැන්වීමේ අරමුණින් මූල්‍ය පහසුකම් පැකේජයක් හඳුන්වා දීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රධානත්වයෙන් අද ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරුණා.

සහනදායී පොලී අනුපාතයක් යටතේ බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකුද ඇතුළුව සහභාගීත්ව මූල්‍ය ආයතන 15ක් හරහා මෙම ණය ලබාදීම සිදු කෙරෙනවා.

අක්‍රිය ණය කාණ්ඩය යටතේ ඇති ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා සහයවීම මෙහි ප්‍රධාන අරමුණක්.

මේ යටතේ වසර 10ක කාලසීමාවකට අදාළව 7%ක සහන පොලී අනුපාතයකට, රුපියල් මිලියන 15ක උපරිම සීමාවකට යටත්ව ණය මුදල් සැපයෙන අතර, ඒ සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 13ක් .

මේ අතර, පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මොණරාගල බුදුරුවගල මහා විද්‍යාලයට පැමිණි අවස්ථාවේදී එම සිසුන්ට කරන ලද ආරාධනයක් අනුව එම විද්‍යාලයේ ශීෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *