රටට ඩොලර් ගේන විදේශ ශ්‍රමිකයන්ට අඩු සැලකිලිතානාපති කාර්යාල අපිව ගණන් ගන්නේ නෑ

ශ්‍රමිකයෝ මාධ්‍ය හමුවක් පවත්වමින් කියති

සංක්‍රමිකයන්ගේ හඬ ජාලය (මාධ්‍ය සාකච්ඡාව)
කොළඹ නිපොන් හෝටලයේදී අද පැවැත්වුණා.

👉අශීලා දන්දෙනිය

වසරකට ලක්ෂ 2 ක් පමණ විදෙස් රටවල රැකියාවලට යනවා
මේ වන විට ලක්ෂ 17ක් 20ක් විදෙස් ගතවෙලා ඉන්නවා

මේ සංක්‍රමිකයන් විශාල විදේශ විලිමයක් ලංකාවට එවලා තිබෙනවා

පසුගිය ආණ්ඩු සංචිත මංකොල්ල කාලා රට කඩා වැටෙනකොට තරුණයන්ගේ ඔළුවට දැම්මා විදේශගතවීම තමයි විසඳුම කියලා තරුණයා යුද්ධය තිබෙන රටවල් වලට පවා ගියා

මේ ආණ්ඩුවත් අපේ ඡන්දයෙන් පත්වෙලා ඉන්නවා විදේශ ගතවෙලා ඉන්න අය රට තුළට එවන සංචිත අඩු කරලා නෑ ඒක නිසා විදේශගත වෙලා ඉන්න අය ගැන විශේෂ වැඩපිළිවෙළක් යොදන්න කියලා මේ ආණ්ඩුවෙන් ඉල්ලනවා

👉බේනුකා වතු ගෙදර

විදේශගත සංක්‍රමිකයන් ගැන කතා කරන්න තමයි තානාධිපති කාර්යාල තියෙන්නේ
තානාධිපති කාර්යාලවල ඉන්නේ දේශපාලන පත්වීම් වලට පත් කරපු අය
ඔවුන් සංක්‍රමණිකයන් ගැන සොයා බලන්නැ

අලුත් රජයෙන් ඉල්ලා සිටිනවා සංක්‍රමිකයන් ගැන මීට වැඩිය සොයා බලන්න කියලා

👉හශිනි රාජපක්ෂ

2022 2023 වාහන ලපත්‍ර දීලා තියෙනවා ඒ වාහන බලපත්‍ර සංක්‍රමණයකයන්හට දෙන්න ගෙනාපු බලපත්‍ර ඒ බලපත්‍ර දේශපාලනඥයින්ගේ හිතවතුන් අතරේ බෙදා දීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් කරන්න කියලා තිබෙනවා

ඊශ්‍රායල් යවන ක්‍රමයක් තිබෙනවා හිටපු විදේශ කටයුතු අමාත්‍යවරයා ඒක පිළි අරන් තියෙනවා
නුසුදුසු පුද්ගලයන් එම රටට යවලා තිබෙනවා කියලා පිළිගන්නවා
ඒකට වග කියන්න ඕන අමාත්‍යංශයේ නිලධාරින්

දැන් පත්වෙලා ඉන්න ආණ්ඩුවෙන් ඉල්ලනවා මේ ගැන සොයා බලන්න කියලා

👉මාතොට ප්‍රේමබන්ධු ජයතිලක

වර්තමාන රජය පත්වෙලා ඉල්ලන්නේ ජනතාවගේ සිතුම් පැතුම් ඉටුකරන්න
විදේශ රටවල තානාදිපති කාර්යාල සෙනසුරාද ඉරිදා වහලා
විදේශ ගතවෙලා ඉන්න සංක්‍රමණිකයන්ට ඔවුන්ගේ ප්‍රශ්න කියන්න කවුරුත් නෑ
මේ ගැන සොයා බලන්න කියලා ආණ්ඩුවෙන් ඉල්ලනවා

What's your reaction?

Related Posts

1 of 440

Leave A Reply

Your email address will not be published. Required fields are marked *