රටම කැළඹූ ඝාතනය සිද්ධියේ විත්තිකරුට මරණ දඩුවම

රන් ආභරණ ව්‍යාපාරයේ යෙදි සිටි කෝටිපති ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් ඔහුගේ ස්වර්ණාභරණ තොගයක් සහ ලක්ෂ 33ක මුදලක් කොල්ලකා ගෙල සිර කර ඝාතනය කිරිමේ සිද්ධියකට වරදකරු වූ අදාල ව්‍යාපාරිකයාගේ සමීපතකයෙකු වන සිද්ධියේ විත්තිකරුට කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර තිබෙනවා.

ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ ගේ අද ලබා දුන් නියෝගයකට අනුවයි. 2012 වසරේ ඔක්තෝබර් 30 වැනිදා සින්නදොරේ සුරේකා රාජා නැමැති අදාළ ස්වර්ණාභරණ ව්‍යාපාරිකයා, ඔහුගේ වාහනය සමඟම පැහැරගෙන ගොස් පුස්සැල්ල ප්‍රදේශයේ දී මෙලෙස ඝාතනය කර තිබුනා.

ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණ හමුවේ අධි චෝදනා ගොනු කර නඩු පැවරු අතර දිර්ඝ නඩු විභාගයකින් අනතුරුවයි අද මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *