රටා පුරා සිදුවන ඝාතන

හොරණ මාලොස්ඇළ ප්‍රදේශයේ ත්‍රී රෝද රථයක ගමන් කරමින් සිටි දෙදෙනෙකුට
වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු බව කියන සැකකරු පාදුක්ක
අංගමුව ප්‍රදේශයේ දී පොලිස් වෙඩි පහරකින් මිය ගොස් තිබෙනවා.
පොලිසිය අංගමුව මංසන්ධියේ මාර්ග බාධකයක් යොදා සිදුකළ රථ වාහන
පරීක්ෂාවකදී පොලිස් අණ නොතකා ධාවනය කළ යතුරු පැදිකරුවෙකු සිදු කළ
වෙඩි තැබීමකින් පසු පොලිසියද වෙඩිතබා ඇති බවයි වාර්තා වන්නේ
එම වෙඩි හුවමාරුවේදී මියගොස් ඇත්තේ දිලන්ක ලක්මාල් රාජපක්ෂ නැමැති 33
හැවිරිදි ගුවන් හමුදා කෝප්‍රල්වරයෙක්.

හොරණ මාලොස්ඇල ප්‍රදේශයේ දී ඊයේ දින ත්‍රී රෝද රථයක ගමන් කරමින් සිටි
පුද්ගලයින් දෙදෙනෙකුට මොටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩි වෙඩි තැබීමක් සිදු
කර තිබුණා.
වෙඩි ප්‍රහාරයට ලක්වූ එම පුද්ගලයින් දෙදෙනොම එම ස්ථානයේදීම ජීවිතක්ෂයට
පත්වූ අතර පොලිසිය වෙඩි තැබීමට සම්බන්ධ ප්‍රධාන සැකකරුද හඳුනා ගත්තා.
ඒ අනුව එම වෙඩි තැබීම ඩුබායි හි සැඟව සිටින ජයකොඩිගේ තනුජ සම්පත්
හෙවත් හෝමාගම හඳයා නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන සංවිධානාත්මක
අපරාධකරුගේ කොන්ත්‍රාත්තුවක් මත සිදු කර තිබූ බවයි පොලිසිය පවසන්නේ.
බස්නාහිර පලාත් දකුණ අපරාධ කොට්ඨාසයට ලද තොරතුරු මත එම වෙඩික්කරු
බවට සැකකරන පුද්ගලයා සොයා ඊයේ දිනයේම පොලිස් විශේෂ කාර්ය බලකාය
සමඟ එක්ව මෙහෙයුමක් ක්‍රියාත්මක කළ අතර සැකකරුගේ පාදුක්ක මිරියගල්ල
ප්‍රදේශයේ පිහිටි නිවස පරීක්ෂා කළත් ඔහු එම නිවසේ සිට නැහැ.
අනතුරුව පොලිසිය සැකකරු සොයා අංගමුව මංසන්ධියේ තාවකාලික මාර්ග
බාධකයක් යොදා රථ වාහන පරීක්ෂාවේ නිරත වී තිබෙනවා.
සැකකරු යතුරු පැදියකින් එම ස්ථානයෙන් ගමන් කර ඇත්තේ ඒ අතරතුරයි.
පොලිසිය යතුරු පැදිය නවත්වන ලෙස සංඥා කලත් ඔහු එම අන නොතකා
යතුරුපැදිය ධාවනය කර ඇති අතර පොලිසිය දෙසට වෙඩි ප්‍රහාරයක්ද එල්ල කර
තිබෙනවා.

අනතුරුව පොලිසිය ද ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති අතර එහිදී වෙඩි වැදුණු සැකකරු
බරපතල තත්වයෙන් පාදුක්ක ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස්
තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ පාදුක්ක මිරියගල්ල පන්සල පාර ප්‍රදේශයේ
පදිංචිකරුවකු වන රාජපක්ෂ පතිරගේ දිලන්ක ලක්මාල් රාජපක්ෂ නැමැති 33
හැවිරිදි ගුවන් හමුදා කෝප්‍රල්වරයෙක්.
ඔහු ගුවන් හමුදා රගර් කණ්ඩායමේද සාමාජිකයෙක් වන අතර මේ ඔහු 2019 /
2020 වර්ෂවල පැවැති රග්බි ලීග් තරඟාවලියේ ක්‍රීඩා කළ අයුරුයි
කෙසේ වෙතත් විදේශගතව සැගවී සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුවන
ජයකොඩිගේ තනුජ සම්පත් නොහොත් හෝමාගම “හඳයා” නමැත්තාගේ
වෙඩික්කරු ලෙස සැකකරු කටයුතු කර ඇති බවද පොලිසිය ප්‍රකාශ කළා.
සැකකරු ගුවන් හමුදාවේ සක්‍රිය සේවයේ යෙදී සිටින අතරතුරයි ඝාතන සිදු කර
ඇත්තේ
මේ අතර ගුවන් හමුදාව නිවේදනය කරන්නේ මෙම කෝප්‍රල්වරයා ගුවන් හමුදාවේ
සේවයට එක්ව ඇත්තේ 2009 වසරේ බවයි.
එමෙන්ම මේ සම්බන්ධයෙන් ගුවන් හමුදාපති එයාර් මාශල් උදේනි රාජපක්ෂ
මහතාගේ උපදෙස් මත පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද ගුවන් හමුදාව
නිවේදනය කළා.
මේ අතර සිද්ධිය වූ ස්ථානයේ අද දහවල් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *