රටේ තාරුණ්‍ය සවිබල ගන්වන්න නූතනවාදී ජාතික තරුණ ප්‍රතිපත්තියක්

මෙරට තාරුණ්‍ය සවිබල ගැන්වීම සඳහා නූතනවාදී ජාතික තරුණ ප්‍රතිපත්තියක් ගෙන ඒමට පියවර ගන්නා බව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ, කොළඹදී පැවැති හමුවකට එක්වෙමින්.

යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, යෞවන සමාජ සම්මේලනයේ ඉහළ නිලධාරීන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර පැවැත්වුණේ, විපක්ෂ නායක කාර්යාලයේදීයි.

මේ අතර, VFS ග්ලෝබල් සමාගමට මාර්ගගත ක්‍රමය ඔස්සේ වීසා නිකුත් කිරීම පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබූ තීරණය වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම තීරණය ක්‍රියාත්මක වූවා නම් රුපියල් බිලියන 400කට අධික මුදලක් රටට අහිමි වීමට ඉඩ තිබූ බවත්, ආණ්ඩුව සුරැකීමට බැඳී සිටින පුරවැසියන්ගේ ස්වෛරීත්වය එමගින් රුදුරු ලෙස පාවා දී ඇති බවත් එම නිවේදනයේ සඳහන්.

එම නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ගරු කරමින් VFS වීසා ක්‍රමය අහෝසි කිරීමට පියවර ගන්නා ලෙසට ජනාධිපතිවරයාට බලකර කියා සිටින බවයි.

ඉදිරියේදී බිහිවන සමගි ජන සන්ධාන රජයක් යටතේ, මෙරට වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය සියලු ප්‍රමිතීන්ට අනුව කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ද සමගි ජන බලවේගය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *