රටේ බංකොළොත්බව ගැන සජිත්ගෙන් ප්‍රකාශයක්

රටක් බංකොළොත් බවින් නිදහස් වීම පිළිබඳ තීරණය තනි පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට ගත නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

කළුතර පැවති සක්වළ වැඩසටහන අමතමින් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ බංකොළොත් බවින් නිදහස් වීම තීරණය වන්නේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් ඉදිරිපත් කරන දත්ත මත බවයි.

සක්වළ වැඩසටහනේ 256 වැනි අදියර යටතේ කළුතර ශාන්ත ජෝන් මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 12කට ආසන්න වටිනාකමින් යුත් සුහුරු පන්ති කාමර උපකරණ ලබාදීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

මෙහිදී පාසලේ නර්තන කණ්ඩායමට ඇඳුම් ලබා ගැනීම සඳහා රුපියල් ලක්ෂයක මුදලක් ද විපක්ෂ නායකවරයා පරිත්‍යාග කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *