රටේ මුල් පුටුවේ ඉතිහාස කතාව

මෙරට 9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන ජනාධිපතිවරණයට තවත් දින 2ක කාලයක් ඉතිරිව තිබෙනවා.

ජනාධිපතිවරණය වෙනුවෙන් වූ අවසන් ප්‍රචාරණ රැලි ඊයේ මධ්‍යම රාත්‍රි 12ට අවසන් කෙරුණු අතර මේ වන විට ක්‍රියාත්මක වන්නේ නිහඬ කාලයයි.

ලංකා ඉතිහාසයේ පළමු ජනාධිපතිවරණය 1982 වසරේ දී පැවති අතර ඉන් ජේ.ආර්.ජයවර්ධන ජයග්‍රහණය ලබමින් පළමු විධායක ජනාධිපතිවරයා ලෙස තෝරා පත් වුණා.

1988 වසරේදී මෙරට දෙවැනි ජනාධිපතිවරණය පැවැති අතර ඉන් රණසිංහ ප්‍රේමදාස ජයගනු ලැබුවා.

කෙසේ වුවත් 1993 වසරේදී බෝම්බ පිපිරීමකින් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ඝාතනයට ලක්වීම වීමත් සමග අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස එවකට අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ ඩී.බී.විජේතුංග පත් වුණා.

ඒ ලංකා ඉතිහාසයේ 3 වැනි විධායක ජනාධිපතිවරයා ලෙසයි.

1994 වසරේදී පළමු වරට කාන්තාවන් දෙදෙනෙකු ජනාධිපතිවරණ සටනට පිවිසියා.

ඒ පොදුජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ශ්‍රීමා දිසානායකයි.

එහිදී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සියයට 62 කට අධික ඡන්ද ප්‍රතිශතයක් හිමිකරගනිමින් මෙරට 4 වැනි විධායක ජනාධිපතණිය ලෙස පත්වුණා.

ඇය 1994 වසරේ සිට 2005 දක්වා ජනාධිපති ධුරයේ කටයුතු කළ අතර 2005 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මෙරට 5 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කර වුණා.

ඔහුගේ ධුර කාලය 2015 වසර දක්වා පැවති අතර 2015 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන තේරී පත් වුණේ ශ්‍රී ලංකාවේ 6 වැනි විධායක ජනාධිපතිවරයා ලෙසයි.

අනතුරු 2019 වසරේ පැවති ජනාධිපතිරවණයෙන් ගෝඨාභය රාජපක්ෂ 7 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වුවත් රටේ උද්ගතවූ අරගල තත්ත්වය හමුවේ ඔහුගේ ධූර කාලය වසර 3 කට සීමා වුණා.

එහිදී ගෝඨාභය රාජපක්ෂ ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජනාධිපති ධුරයට අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ පත් කෙරුණේ පාර්ලිමේන්තු ඡන්දයකින්.

ඔහු මෙරට 8 වැනි විධායක ජනාධිපතිවරයායි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *