“රට ගොඩගන්න එක්වන්න”

රට වැටී තිබෙන බංකොළොත්භාවයෙන් ගොඩගැනීම සදහා ජාති, ආගම් ලෙස වෙන් නොවී ශ්‍රී ලාංකිකයින් ලෙස එක්ව ක්‍රියා කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ සක්වළ වැඩසටහනේ 204 වැනි අදියර යටතේ ත්‍රිකුණාමලය මුතූර් ලංකාපටුන හින්දු විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් ලබාදීමේ අවස්ථාවට ඊයේ (27) එක්වෙමින්.

මේ අතර ආර්ථික කමිටු විවාදය පිළිබඳව කිසිදු සඳහනක් නොකොට එහි අවධානය වෙනත් දිශාවකට යොමු කරන සුපුරුදු උත්සහය තුළ විවාද දෙකම නොපැවැත්වීමට ජාතික ජනබලවේගය පසුබිම සකසන ආකාරය නීරීක්ෂණය වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර ප්‍රකාශ කළා.

අදාළ විවාදය සම්බන්ධීකරණය සඳහා ජාතික ජනබලවේගය පත්කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස වෙත ඊයේ ලිපියක් යොමු කරමින් ඔහු ඉල්ලා සිටියේ ආර්ථික කමිටු විවාදයට ලබාදෙන දිනය නොපමාව දැනුම්දෙන ලෙසයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *