රට තුළ බරපතල කුමන්ත්‍රණයක් – නාමල් රාජපක්ෂ

රටේ ඒකීයත්වය ආරක්ෂා කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගෙනගිය වැඩපිළිවෙළට එරෙහිව රට තුළ බරපතල කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බව එම පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කලාවැව ආසන රැළිය අමතමින්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන මට්ටමින් සංවිධාන කරන ජනරැළි මාලාවේ පළමුවැන්න ලෙස කලාවැව ආසනයේ රැළිය අද පැවැත්වුණේ අනුරාධපුර තලාව නගරයේදීයී.

පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් රැළිය සංවිධාන කර තිබුණා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තොරතුරු ඇතුළත් අන්තර්ජාල යෙදවුමක් හඳුන්වා දීම ද මෙහිදී සිදුවුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *