රට පැන්න පාතාලයින් 40ක් නිදැල්ලේ

මෙරටින් පලාගිය පාතාල කල්ලි සාමාජිකයින් 40ක් පමණ ඩුබායි සහ ප්‍රංශයේ සිටින බවට තොරතුරු වාර්තා වනවා.

මොවුන් විවිධ සංවිධානාත්මක අපරාධවලට සම්භන්ධ වී සිට මෙරටින් පලා ගිය පාතාල ක්‍රියාකාරීන් බවයි පැවසෙන්නේ.

මේ සකකරුවන් මහල් නිවාස කිහිපයක සිටින බවට තොරතුරු ලැබී ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග වාර්තා කරනවා.

මේ පාතාල අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට සහ මෙරටට ගෙන්වා ගැනීමට ඇවැසි පියවර ගනිමින් සිටින බවයි වාර්තා වන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *