රට මුදා ගත් නායකයාට සහයෝගය පළ කල යුතුය

රට මුදා ගත් නායකයාට සහයෝගය පළ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එකතු වු බව රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (21) බදුල්ල, ඌවපරණගම, අඹගස්දෝව මහජන ක්‍රීඩාංගනයේ දී පැවති අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් බෙදාදීමේ ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක් වෙමින්.

එහිදී ඔහු සඳහන් කළේ,

“රට බංකොලොත් වී තිබු නිසා එදා රට භාරගන්න නායකයෙක් හිටියේ නැහැ. නායකයින් රටින් පලායද්දි රනිල් වික්‍රමසිංහ මහතා එම වගකීම භාර ගත්තා. මේ වන විට පක්ෂවලට ඡන්දය ලබාදීමේ සාම්ප්‍රදායික ක්‍රමය අවසන් වී තිබෙනවා. ආසනයට රටට වැඩක් කරන පුද්ගලයින්ට ඡන්දය ලබාදීම සඳහා ජනතාව පෙරට පැමිණෙමින් තිබෙනවා.

මා වසර විසි හතක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළත් ආර්ථික වශයෙන් රට මුදා ගත් නායකයාට සහයෝගය පළ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග එකතු වුණා. මින් ඉදිරියට පක්ෂවලට ඡන්ද දීමට ජනතාව ඉදිරියට එන්නේ නැහැ. එම නිසා මෙවර ජනාධිපතිවරණයේදී ඉතා වැඩි ඡන්ද ප්‍රමාණයකින් බදුල්ල දිස්ත්‍රික්කයෙන් රනිල් වික්‍රමසිංහ මහතා දිනවීමට අප බලාපොරොත්තු වෙනවා. ඉදිරි අවුරුදු පහ සඳහා ද ඔබතුමාට මේ රට ජනතාව විසින් බාර දෙනවා. එය නියතයි.”

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *